ජංගම දුරකථනයෙන් පටිගත කළ මැර ප්‍රහාරය(වීඩියෝව පහතින්)

පසුගිය 29වනදා හංවැල්ල පොලිස් වසමේදී වෑන් රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකුට තිදෙනෙකු කඩුවලින් සහ මන්නා පිහිවලින් පහරදීමේ සිද්ධියකට අදාළව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධය සිදුකරන අයුරු ඉන් එක් සැකකරුවෙකු එදින තම ජංගම දුරකථනයෙන් පටිගතකර තිබුණි.

අනතුරුව ඔහු තුවාලකරු සිය ත්‍රිරෝද රථයේ නංවාගෙන කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් ඇත.

විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ ඩුබායි වෙත පළාගොස් සිටින අපරාධ කල්ලි සාමාජික සමරප්පුලිගේ චමින්ද බුද්ධික නොහොත් “චමී” යන අය එම පහරදීම මෙහෙයවා ඇති බවය.

චමී නැමැත්තා තුවාලකරුට මරණ තර්ජනය කර කප්පම් මුදල් ඉල්ලා ඇති අතර එම කප්පම් මුදල් ලබා නොදීම හේතුවෙන් ඔහුගේ ගෝලයින් ලවා එම අපරාධය සිදුකර ඇති බව ද මෙහිදී අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network