LTTEය ප්‍රවර්ධනය කිරීමේ චෝදනාවට තරුණයෙක් අත්අඩංගුවට

LTTE සංවිධානය හා සම්බන්ධ ඡායාරූප සිය ජංගම දුරකථනය තුළ තබා ගැනීම හා අපරාධ සඳහා තරුණයින් නැඹුරු කරගැනීමට උත්සහ කිරීමේ චෝදනාව මත තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ කිළිනොච්චිය කඳවුරේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අපරාධයක් කිරීමේ අරමුණින් යකඩ කඩුවක් සඟවා තබා ගෙන ඇති අතර, ප්‍ර‍දේශයේ තරුණයින් අපරාධ සඳහා නැඹුරු කරගැනීමට උත්සාහ දරා ඇතැයි විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් තරුණයා 21 හැවිරිදි කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි නාගරාසා ප්‍රභා නැමැත්තෙකි.

සැකකරු සන්තකයේ තිබිය දී දිග අඟල් 27½ ක් වූ පළල අඟල් 1 1/4 ක් වූ තලයක් සහිත, මිට දිග අඟල් 6 ½ ක් වූ ලී මිටක් සහිත බයිසිකල් ටියුබ් පටිවලින් වෙලා ඇති යකඩ කඩුවක් සොයාගෙන තිබේ.

මේ අතර සිම්කාඩ් පත් සහිත ජංගම දුරකථන දෙකක් ද තිබු බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network