මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් ජීවිතක්ෂයට

ගතවු පැය 24 තුළ සිදුවු රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ වෙලම්බොඩ පොලිස් වසමේ ගංහත වැලිගල්ල මාර්ගයේ හොඬියාදෙණිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

කාර් රථයක් මාර්ගයේ ගමන්ගත් පදිකයෙකුගේ ගැටී අනතුර සිදුව ඇති අතර අනතුරින් 80 හැවිරිදි කොටගල්ඔලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර තලංගම පොලිස් වසමේ අකුරේගොඩ, අරුප්පිටිය හංදිය අසල දී මඟනැඟුම හංදිය දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළිගොස් අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පැදිකරු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වු මාලබේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර නොච්චියාගම පොලිස් වසමේ පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ මහබුලන්කුලම ප්‍රදේශයේ දී පුත්තලම දෙසට ධාවනය වු ලොරි රථක් එම දිසාවට ධාවනය වු තවත් ලොරි රථයකට ඉස්සර කිරීමට යෑමේ දී අනතුරක් සිදුව තිබේ.

එම ලොරි රථ දෙක එකිනෙක ගැටී මාර්ගයේ නවතා තිබු තවත් ලොරියක ගැටී ඇතැයි පොලීසිය පසයි.

අනතුරින් වයස අවුරුදු 46ක් වු පුත්තලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.

මේ අතර ළිඳුල තලවකැලේ මාර්ගයේ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළීගොස් අනතුරක් සිදුව ඇත.

එයින් 43 හැවිරිදි එම ප්‍රදේශයේ පදිංචි අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network