රටටම දින 14 ක දැඩි සංචරණ සීමා පනවන්න – වෛද්‍ය සංගම් රජයෙන් ඉල්ලයි

අන්තර් පළාත් සීමා ඇතුළු සීමා කිරීම් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන නිසා රටටම දින 14 ක දැඩි සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.

දිනකට ආසාදිතයන් 3000 ක් හඳුනාගත්තත් එවැනි ආසාදිතයන් තුන්ගුණයකටත් වඩා සමාජයේ සිටින බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කළා.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා වෛද්‍ය අන්තර් විද්‍යාතන කමිටුව යන සංගම් සියල්ලම රජයෙන් ඉල්ලා සිටින්නේ රටම දින 14 ක දැඩි සංචරණ සීමා පනවන ලෙසයි.

මේ අවස්ථාවේ එකම විසඳුම එය බවත් ග්‍රාම නිලධාරී කොට්ඨාස හුදෙකලා කිරීම මඟින් මෙය පාලනය කළ හැකි බවට කිසිඳු විශ්වාසක් නොමැති බවද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network