අහසින් වැටුණු පාෂාණයක් මහනුවරින් හමුවේ.

මහනුවර පේරාදෙණියේ පිහිිටි බෞද්ධ මධ්‍යස්ථානයක භූමියේ වැටි තිබූ අහසින් වැටුණු බවට සැලකිය හැකි පාෂාණයක් පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන පීඨය මගින් පර්යේෂණයක් ආරම්භ කර ඇත.

සුදු පැහැති වර්ණයෙන් යුතු මෙම පාෂාණය පසුගිය 19 දින රාත්‍රියේ හෝ 20 දින අලුයම මෙම ස්ථානයට අහසින් වැටී ඇතැයි සැලකේ.

අභ්‍යවකාශයෙන් පතිත වූවක් ලෙස මේ වන විට සැකකරන මෙම පාෂාණයට සමාන තවත් පාෂාණ හෝ අවශේෂ කොටස් මෙම ප්‍රදේශයේ හෝ අවට භූමියේ වැටී තිබේදැයි ප්‍රදේශවාසීන් දැඩි ලෙස පරීක්ෂා කළ ද එවැනි යමක් හමුවී නොමැත. ග්‍රෑම් 1605 ක ස්කන්ධයක් සහිත මෙම පාෂාණය දිගින් සෙන්ටිමීටර 16 හා උසින් සෙන්ටිමීටර 07 කින් යුක්තය.

මෙම පාෂාණය අභ්‍යවකාශ වස්තුවක් ලෙස අනුමාන කළ හැකි බවත් මෙයට සමානකම් දක්වන ගල් හෝ වෙනත් පාෂාණ කැබැලි හෝ ඛනිජ කොටස් කිසිවක් අවටින් හමුවී නොමැති බැවින් ගංගාවකින් මෙම ස්ථානයට ගෙනවිත් දැමූවක් ලෙස සිතිය හැකි වුවද අනෙකුත් පාෂාණයන්ට හා ගල්වලට වඩා බොහෝ වෙනස්කම් පවතින බැවින් හා පාෂාණයේ එක් කොටසක් දැවීගොස් ඇති ආකාරයක් නිරීක්ෂණය වන බැවින්ද මෙය අභ්‍යවකාශ වස්තුවකට බොහෝ සමානකම් දක්වන බැවින් මේ පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණ සිදුකෙරෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය පවසයි.

සටහන – ටී අසෝක් කුමාර්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network