හමුදාපති සරත් ෆොන්සේකාට සැබෑ වීරත්වයට ලැබුණු නිළය- ෆීල්ඩ් මාශල් නිළයද ? ජෙනරාල් නිළයද ?

ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා යනු සැබැවින්ම එඩිතර වීරෝධාර රණවිරුවෙකි. 2006 වසෙරේ කොලඹදී එල්ල වූ මරාගෙන මැරෙන LTTE බෝම්බ ප්‍රහාරයෙන් එතුමන්ගේ දිවි රැකුනේ ශ්‍රී ලාංකිකයන්ගේ වාසනාවකටය, ලක්වාසී බොහෝදෙනා එදා එතුමාට ඉක්මන් සුවය පතා බෝධී පුජා පුණ්‍ය කර්ම පවත්වමින් ආශිර්වාද පැතුවා අද වාගේ මතකය,

නමුත් ඒ කාල වකවානුවේ එතුමන්ගේ මරණය ප්‍රාර්ථනා කල මිනිසුන් පිරිසක්ද රට තුල සිටි බව කාටත් අමතක නැත. කෙසේ වෙතත් අවශ්‍ය මොහොතේ සැබෑ නායකන්ගේ ඒක රාශීවීම හරහා ලක් දෙරණ කොටි ත්‍රස්තවාදයෙන් මුදාගැනීම අප ලැබූ සුවිශේෂී ජයග්‍රහනයකි.

නමුත් එදා යුද්දය හෑල්ලු කල පිරිසක්ද සිටි බව මතක්කල යුතුය, ඔවුන් විටෙක තොප්පිගල කැලේ ගස් ගැන ඇසීය, සමහරු කිලිනොච්චි මැදවච්චි පටලවාගත්තෝය. එසේම අලිමංකඩ පාමංකඩ විය, මුලතිව් වලදී හමුදාව හොඳ කෑමක් කනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු විය, එසේම ඕන ගොනෙකුට යුද්ධ කල හැකි බවද පැවසීය, විටෙක මහා කැලයක යුධ හමුදාව ලවා රඟපෑම් කර රූපවාහිනීයේ පෙන්වා ජනතාව රවට්ටන බව ද කීය, කොටින්ම සරත් පොන්සේකා ගලවා ගැනීමේ හමුදාවට වත් සුදුසු නැති බව පැවසීය.

ලක් දෙරණේ වාසනාවට දේශපාලන නායකත්වයේ හා ආරක්ෂක අංශ වල කැපවීමෙන් යුද්ධය නිමා විය. බියෙන් හා සැකෙන් තොරව ජීවත්විය හැකි රටක් බිහිවිය. මේ සමග රාජපක්ෂලා හිමිකරගත් ජනතා ආකර්ෂණය බිඳහෙලිය හැකි වෙනත් දේශපාලකයෙකු ලංකාවේ නැතිබව විපක්ෂයේ සැමට වැටහින එසේනම් යුද්ධයේදී සැබෑ මෙහෙයක් ඉටුකල සරත් ෆොන්සේකා ගැලවීමට ඔවුන් යුහුසුලු විය, එය එසේම සුදුවිය. අවසන් වරට පොන්සේකා මහතා සහා රාජපක්ෂ මහතා මුන ගැසී වෙන්ව යාමෙ මොහොතේ

පොන්සේකා මහතා මෙසේ කීය සර්, මම ජනාධිපතිවරණෙට ඉදිරිපත්වෙන්න හිතන් ඉන්නෙ,

රාජපක්ෂ ජනාධිපති – බොහෝම හොඳයි පොන්සේකා මම ඔයාට සුභ පතනවා.

එය එසේ විය, හොඳම නිළධාරියෙක් තමාගෙන් වෙන්වී යුද්ධයට උසුලු විසුලු කල පිලක් සමග එක්වීම රාජපක්ෂ ජනාධිපතිවරයා කෙසේ දරාගන්නට ඇද්ද? මගෙ යාලුවෙක් එසේ කලා නම් මට නම් දරාගත නොහැකිය.

2010 ජනාධිපතිවරණ ප්‍රචාරණය ඇරඹින, ඒ වන විටත් ෆොන්සේකා මහතාගෙ මානසිකත්වය දැඩි ලෙස වෙනස් කර වීමට විපක්ෂය කටයුතු කර අවසන්‍ ය,

කෙසේ හෝ ජනාධිපතිවරණය ජයගත යුතුය යන මානසිකත්වයෙන් වේදිකාවට නැගි ඒ මහතා දැඩි වෛරයෙන් සහා කෝපයෙන් රාජපක්ෂලා සාටකයෙන් එල්ලා මරන බව පැවසීය, කලවැද්දා කාණුදිගේ ඇදගෙන යන බවද කීය,

එයින්ද නොනැවතුනු එතුමන් මානුශීය මෙහෙයුමේදී එකට කටයුතු කළ සහෝදර හමුදා සාමාජිකයින් පාවා දෙමින් යුද්ධයේ ඇතැම් රහස් ලොවක් හමුවේ තැබීය. අවසන් සටනේදී ප්‍රභාකරන් සුදු කොඩියක් වනන විට හමුදාව ඔහු මැරූ බව සන්ඩේ ලීඩර් පුවත් පතට කල ප්‍රකාශය ලොවක් සලිත කලේය.

මානව හිමිකම් සංවිධාන ඒ හරහා ලංකාව දැඩි අප්‍රසාදයට පත් කලා පමනක් නොව ජාත්‍යන්තර පරීක්ෂන පවා ඉල්ලීය. එම ප්‍රකාශය කිරීම සුලුපටු වරදක්ද? කෙසේ හෝ ජනාධිපතිවරනය ඔහු පරාජයටපත් විය.

වේදිකාවේ කල ප්‍රකාශ නිසා ඔහු සිරගතවිය, රාජපක්ෂ මහතාට ඔහු බේරාගැනීමට අවස්තාව තිබුනද එය එසේ සිදුනොවීම ගැන කනගාටුවක් ද නැතුවා ම නොවෙයි.

ඔහු වටා සිටි පාදඩ දේශපාලකයින් ඔහු හැරයන විට ඔහුගේ පිහිටට සිටියේ උතුම් බිරිඳ පමනි. කෙසේ හෝ ෆොන්සේකා මහතා එදා ජනාධිපති වූවා නම් රාජපක්ෂලාට හිමිවන්නට තිබූ ඉරනම මීට හාත්පස වෙනස් වන්නට ඉඩ තිබින, එපමනක් ද නොව රටට කුමක් සිදුවන්නට ඉඩ තිබ්බාද යන වග ඔහු මැතිවරණයට යොමුකළ ඇතැමුන්ම පසුකාල වලදී පැවසීය.

යුද්ධය පැවති සමයේ ඊට අකුල් හෙලූ ඇතැමුන් පසුකාලීනව යුද්ධයේ සැබෑ හිමිකරුවා කවුරුන්ද යන වග තේරීමට ගත් උත්සාහය පිලිකුල් සහගතය. ඒ කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතා යුද්ධයේ සැබෑම විරුවෙකි. අදටත් ඒ ගෞරවය කා තුලත් පවතී. 2009 දී එතුමන් ජෙනරාල් නිළයෙන් පිදුම් ලැබුවේ යුද්ධයේ දී සිදුකල සැබෑ වීරත්වය හේතුවෙනි නමුත් 2015 දී ඔහු ෆීල්ඩ් මාශල් ධූරයෙන් පිදුම් ලැබුවේ දේශපාලන යුද්ධයේදී රාජපක්ෂලා පැරදවීමට කල කැපවීම නිසාදෝ විමසිල්ලෙන් අතීතය දෙස බලන කාටත් සිතේ. එම නිසාවෙන් සැබෑ වීරත්වයට ලැබුණු නිළය ෆීල්ඩ් මාශල් නිළයද නැතහොත් ජෙනරාල් නිළයද යන වග තේරුම් ගැනීම ඔබට බාරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network