මීළඟට බිහිවෙන ආණ්ඩුවක් ගැන විපක්ෂ නායක ගරු සජිත්ප්‍රේමදාස මහතා අනාවැකියක් පවසයි -(වීඩියෝ සහිතයි)

සමගි ජන බලවේගය පක්ෂයේ පළමු සංවත්සර සැමරුම කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී (15) ඊයේ පස්වරුවේ ආරම්භ විය.

“අභියෝග ජයගන්න එකට සිටගමු“ යන තේමාව යටතේ සංවත්සර සැමරුම සංවිධානය කර තිබුනි.

සමගි ජන බලවේගය පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කළේ මීළඟ ජනාධිපතිවරණයේදී ජනතාව වාර්තාවක් තබනු ඇති බවය.

“වාර්තා පිට වාර්තා තබපු පක්ෂයක් පළවෙනි සංවත්සරය සමරනවා. ජනතාවට මම පැහැදිළිවම කියන්න කැමතියි තවත් වාර්තාවක් අපේ රටේ ළඟදීම පිහිටුවනවා. ඒ වාර්තාව තමයි, මීළඟ ජනාධිපතිවරණයෙන් ජනතාවට ශක්තිය ලබාදෙන පොදුජන ජනාධිපතිවරයෙක් සමග පොදුජන ආණ්ඩුවක් බිහිකරන්න අපි හැමෝම සමත් වෙනවා කියලා මේ මොහොතේ මම කියන්න කැමතියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network