රාජිත බලන්න කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ඊයේ දින රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයේ රැඳවීමට බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.

 ඒ, හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න හෘදය සැත්කමකට ලක් කර ඇති බැවින් ඔහු භාවිත කළ ඖෂධ නිවසෙන් ගෙන්වා ගෙන භාවිත කිරීමට ද බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවයි වැඩිදුරටත් සදහන් වුනේ

මේ තත්වය අතර, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සුවදුක් විමසීම සඳහා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත පැමිණීමට, සමගි ජනබලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකුම අවසර ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත්, පවත්නා තත්ත්වයන් යටතේ බන්ධනාගාරගත වූ පුද්ගලයින් බැලීමට අමුත්තන්ට අවසර ලබා නොදෙන බැවින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප වී ඇති බවයි අපගේ ආරංචි මාර්ග සදහන් කරන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network