ඉදිරි සති දෙක අවදානම් -අවධානයෙන් පසුවන්න (වීඩියෝ සහිතයි)

ඉදිරි දෙක තුළ ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යාමට ඉඩ ඇති බව ලොව ප්‍රධාන පෙළේ සෞඛ්‍ය විද්‍යාඥයකු වන මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවයි.

ඉදිරි සතිය තුලදීද ඩෙල්ටා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම දැනටමත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් ගණනාවක් තැනින් තැන හමුවීම මත ඉදිරි සති දෙක ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක වනු ඇතැයි ඔහු කියා සිටී.

මෙරට ජනගහනයෙන් එන්නත් ලැබී ඇත්තේ අඩු පිරිසකට පමණක් බැවින් එවන් තත්ත්වයකදී රට පුරා ප්‍රභේදය පැතිර ගියහොත් තත්ත්වය වඩාත් දරුණු විය හැකි බවද ඒ මහතා අනතුරු අඟවයි.

සංචරණ සීමාවන් ද ඉවත් කර ඇති පසුබිමක රට තුළ හොඳ තත්ත්වයක් නොපවතින බැවින් ඉදිරි සති දෙක තුල වැඩි අවදානමක් ඇතිවිය හැකි නිසා ඉතා දැඩි අවධානයෙන් පසුවිය යුතු ඇතැයිද ඒ මහතා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network