මාස හයක කාලය තුළ මෙරට මී උණ රෝගීන් සංඛ්‍යාව අට ගුණයකින් වැඩි වෙලා.

ලෙප්ටස්පයිරෝසිස් හෙවත් මී උණ රෝගය ආසාදනය වූවන් පසුගිය ජනවාරි මාසයේ සිට ජුලි මස 17 දින දක්වා කාලය තුළ අට ගුණයකින් වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය වර්ෂයේදී මී උණ රෝගීන් 6021 දෙනෙකු පමණක් වාර්තා වී ඇති අතර ගෙවුණු මාස හයක කාලය තුළ මෙරටින් හමුවූ මී උණ රෝගින් සංඛ්‍යාව 23,371 දෙනෙකු බවද ඒ අනුව රෝගීන්ගේ ව්‍යාප්තිය අට ගුණයක් බවද වාර්තා වී ඇත.

මෙම වර්ෂයේදී මොණරාගල දිස්ත්‍රික්කයෙන් හැර දිවයිනේ අනෙක් සියලු දිස්ත්‍රික්කවලින් මී උණ රෝගීන් හමුවී ඇත. මෙම රෝගීන්ගෙන් පුද්ගලයින් දසදෙනෙකු මිය ගොස් ඇත

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3284, ත්‍රිකුණාමලයෙන් 2253, මඩකලපුවෙන් 2230, මහනුවරින් 2010, ගම්පහ 2003, යාපනය 1940, කලුතර 1408, රත්නපුර 1393, ගාල්ල 1108 වශයෙන්ද රෝගීන් හමු වී ඇත.

වැසි සමයත් සමග කෘෂිකර්මාන්තයේ නියැලෙන හා තෙත් හා මඩ සහිත භූමිවලින් මී උණ වෛරසය මිනිස් සිරුරට ඇතුළු වන හෙයින් වඩාත් අවදානයෙන් හා ආරක්ෂාකාරීව කටයුතු කරන්නැයිද සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සටහන – ටී.අසෝක් කුමාර්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network