ලෝක යේ කොරෝනා දෙවන රැල්ළට සූදානම් වන්න

කොරෝනා වසංගතය ලෝකය පුරා පැතිර යාම ආරම්භ වුණු අවස්ථාවේ දී යුරෝපීය රටවල්වලට දැඩි බලපෑමක් සිදුවුණත්, පසුව එම රටවල් අභිබවා ඇමරිකාව ඉදිරියට පැමිණියා. ඒ අනුව වර්තමානය වන විට වැඩිම ආසාදිතයන් ප්‍රමාණය ඇමරිකාවෙන් වාර්තා වන විට එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණ තිබෙන්නේ බ්‍රසීලයයි. බ්‍රසීලයේ ආසාදිතයින් ප්‍රමාණය වැඩිවනවා සේම මරණ ප්‍රමාණයත් සීග්‍රයෙන් ඉහළම යාම ඉතාමත් අනතුරුදායක තත්ත්වයක් වනවා . බ්‍රසීලයේ ආසාදිතයින් ප්‍රමාණය එලෙස වැඩිවන විට රුසියාව ආසාදිතයින්ගේ ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව සිටියත් සිදුව ඇති මරණ ප්‍රමාණය සාපේක්ෂව අඩු අගයක් ගන්නවා.

තවමත් මධ්‍යම සහ දකුණු ඇමරිකාව, දකුණු ආසියාව, අප්‍රකාව යන කලාපවල කොරෝනා ආසාදිතයින්ගේ වර්ධනයක් දක්නට ලැබුණත් බොහෝ ප්‍රදේශවල කොරෝනා අවදානම අඩුවෙමින් පවතිනවා. ඒ අනුව යුරෝපා මහද්වීපයට අයත් බොහෝ රටවල්, නැගෙනහිර ආසියාතික රටවල්, අග්නිදිග ආසියාතික රටවල්, සහ ඕෂනියා කලාපයේ රටවල්වල කොරෝනා අවදානම පහව යමින් පවතිනවා. ඒ අනුව අවදානම පහව ගොස් ඇති රටවල් යළි සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබෙනවා.

කොරෝනා අවදානම අඩු වී ඇති රටවල් රැසක් මේ වන විට  විවෘත කර තිබෙනවා. එම රටවල්වල ජනතාව ද  ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාව අරඹමින් සිටිනවා. විශේෂයෙන්ම යුරෝපා කලාපයේ රටවල් රැසකම මෙම තත්ත්වය දක්නට ලැබෙනවා. පසුගිය දිනවල ඇණහිට තිබූ යුරෝපයේ පාපන්දු ලීග් තරගාවලි රැසක් නැවතත්  ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. එසේම ජාතියන්තර ක්‍රිකට් තරගාවලි කිහිපයක් සඳහාම දින නියම වී ඇති අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය දිනවල දී එයට අදාළ නීතිරීති මාලාවක් ද හඳුන්වා දෙනු ලැබුවා.

කොරෝනා වසංගතය නිසා ලෝකයේ රටවල් ගණනාවක් මාස කිහිපයක් වසා දැමීමට සිදු වුණා. එම නිසාම ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයක ආර්ථිකය සීග්‍රයෙන් කඩාවැටීමකට ලක් වුණා. එසේම ලෝකයේ වැඩි රටවල් ප්‍රමාණයක විරැකියාව ඉහළ ගියා. මෙම තත්ත්වය තවත් පැවතුණහොත් එම රටවල්වල ආර්ථිකය දැඩි අස්ථාවර තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන නිසා අවදානම තිබිය දීත් රටවල් යළි විවෘත කිරීමට සිදු වුණා.

ලෝක සෞඛ්යය සංවිධානයේ හදිසි අනතුරු අංශයේ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් පසුගිය දිනෙක රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් පවසා සිටියේ කොරෝනා තත්ත්ය ක්‍රමයෙන් පහව යමින් සිටින රටවල්වලට කොරෝනා දෙවන රැල්ලක් ඇති වීමේ ඉඩකඩ තිබෙන බව යි. එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය රයන් ප්‍රකාෂ කර සිටියේ කොරෝනා අවදානම අඩුවෙමින් තිබෙන රටවල් ඉක්මනින්ම දැඩි නීතිරීති ලිහිල් කිරීම ඉතාමත් අවදානම් ක්‍රියාවක් බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානය වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන කොරෝනා පළමු රැල්ල තිබිය දීම කොරෝනා දෙවන රැල්ලක් ඇති වීමේ අවදානම තිබෙනවා. එම නිසාම සෑම රටක්ම සෞඛ්‍යට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් සෞඛ්‍යාරක්ෂිත සමාජ ක්‍රියාමාර්ග ගත යුතු බවත් වෛද්‍ය රයන් පවසා සිටියා. එසේම සෑම රටක්ම ආසාදිතයන් හඳුනා ගැනීම, ආසාදිතයන් නිරාවරණය වූ හෝ, ආසාදිතයන් ඇසුරු කළ පිරිස් හඳුනාගැනීම, ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ දිගින් දිගටම කිරීම යනාදී ක්රියාමාර්ගයන් අඛණ්ඩව මෙන්ම දැඩිව පවත්වාගෙන යාමෙන් වෛරසයේ දෙවන රැල්ලෙන් ආරක්ෂා විය හැකි බව ඔහු අවසන් වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.

සටහන
කොලින් ඩී සිල්වා

One thought on “ලෝක යේ කොරෝනා දෙවන රැල්ළට සූදානම් වන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network