ජනපති, ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන්ට බන්ධනාගාරයේ සිටම මරණ තර්ජන


බූස්ස බන්ධනාගාරයට මාරු කළ අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක, පොඩි ලැසී ඇතුළු පිරිසක් ජනාධිපති, ආරක්ෂක ලේකම් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අනුව සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් බන්ධනාගාර මූලස්ථානයට පැමිණ ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබුණා.

කොමසාරිස්වරුන් වන චන්දන ඒකනායක, තුසිත උඩුරව හා බන්ධනාගාර බුද්ධි ප්‍රධානී සහකාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක යන අයගෙන් පැය ගණනක් තිස්සේ ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

කොස්ගොඩ තාරක, හික්කඩුවේ පොඩි ලැසී, පිටිගල කැවුමා ඇතුළු පාතාල නායකයින් පිරිසක් තමන් බූස්ස බන්ධනාගාරයට යැවීම ගැන විරෝධය පාමින් ආහාර වර්ජනයක් ආරඹා තිබුණා. එය සොයා බැලීමට බන්ධනාගාර ඉහළ නිලධාරීන් ජූනි 26 වැනිදා බූස්සට ගොස් තිබෙනවා..

එහිදී ජනපති, ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන් තමන්ට ලොකු නැති බවත් අවි ආයුධ හා සාමාජිකයන් සමග තම ජාලය තවමත් ක්‍රියාත්මක බවත් කියමින් බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කරමින් තාරක, ලැසී ඇතුළු පිරිස කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

මෙම අවස්ථාවට එක්වූ බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනා සහ බන්ධනාගාර බුද්ධි ප්‍රධානියා තමන් ඉදිරියේ පාතාලයන් කළ තර්ජනය පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට පැමිණිළි කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network