උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස – ඒකටත් මාසයක් පාසල් වැසේ

අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම ලබන සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීම කෙරෙහි විභාග දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබෙනවා.විභාග දෙපාර්තමේන්තුව දැනටමත් මේ බව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

උසස් පෙළ සිසුන් වෙනුවෙන් නැවත පාසල් ආරම්භ කිරීමෙන් පසු දින 85ක කාලයක් පාසල් පැවැත්විය යුතු බවට වන යෝජනාවක් ද මේ වන විට ඉදිරිපත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් ද දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බව සඳහන් වෙනවා. එනම් මාර්තු මස 13 වැනිදා පාසල් වසා දැමීමෙන් පසු මේ දක්වා අහිමි වූ දින ගණන වෙනුවෙන් මෙම දින 85 යෝජනා වී තිබුණා.

මෙහිදී විභාග දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ එම අහිමි වූ දින උසස් පෙළ සිසුන් සඳහා ලබා දුනහොත් සැප්තැම්බර් මාසයට කලින් විභාගය කිසිසේත් ම පැවැත්විය නොහැකි බවයි

මෙසේ සැප්තැම්බර් මාසයේ දී උසස් පෙළ විභාගය පැවැත්වුවහොත් පාසැල් ආරම්භ වූ පසු යළිත් මාසයක කාලයක් පාසල් වසා දැමීමට සිදු වීම කෙරෙහි ද අමාත්‍යාංශය අවධානය යොමු කර ඇති නමුත් විභාගය පැවැත්වීම සඳහා පාසල් වසා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Open chat
1
🙏🙏ආයුබෝවන්🙏🙏
TV SRI LANKA වෙත සාදරයෙන් පිළිගනිමු.
👉ඔබගේ අදහස්, විවේචන,
👉අපගේ වෙබ් අඩවිය තුල පලකිරීමට අවශ්‍ය ප්‍රාදේශීය පුවත්
👉අපගේ ස්වෙච්චා ප්‍රාදේශීය නියෝජිතවරුන්
👉වෙළද දැන්වීම් පළකිරීම්
සම්බන්ධයෙන් මේ හරහා විමසීම් සිදු කල හැක.
ස්තුතියි.
TV Sri Lanka Media Network